
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට දූෂණ චෝදනා
DIVAINA LK NEWS
September 19, 2023
එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාලව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 08 දෙනෙකුට දූෂණ චෝදනා එල්ල කර ඇත.
2021වසරේදී පැවැති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බව කියන දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළව චෝදනා ගොනු කර තිබේ. එසේ චෝදනා එල්ලවී ඇති මෙරට ක්‍රීඩකයින් දෙදෙනා වනුයේ පළමු පෙළ ක්‍රීඩකයෙක් වන සාලිය සමන් සහ රිස්වාන් ජාවෙඩ් යන දෙදෙනාය.