17 September 2023
ආසියානු කුසලානය ඉන්දියාවට
ARUNA LK NEWS
17/09/23
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවලිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 15යි පන්දු 2කදී ලකුණු 50කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාජ් කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය.
හර්ඩික් පාණ්ඩ්යා දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.
අනතුරුව පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 6යි එක් පන්දුවකදී ලකුණු 51ක් ලබාගෙන තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය.