ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට

0
353

ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
ARUNA LK NEWS
14 September 2023

ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත් විය.

ඒ, පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 2කින් ජය ගැනීමත් සමගය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 42ක තුළ කඩුළු 7ක් දැවී ලකුණු 252ක් රැස්කර ගත්තේය.

පාකිස්ථාන පිල වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් නොදැව ලකුණු 86ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

අබ්දුල්ලා ෂාෆීක් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 52කි.

ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 47ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ප්‍රමෝද් මධුෂාන් දවා ගත් කඩුළු සංඛ්‍යාව 2කි.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 42කදී කඩුළු 8ක් දැවී ලකුණු 252ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here