සංවේගයෙන් දැනුම් දීමයි

0
258

සංවේගයෙන් දැනුම් දීමයි

ලන්ඩනයේ එල්ලර්ටන් මිල්ලෙන්හි විසු කරුණා බස්නායක මහතා පසුගිය 23 වනදා අභාවප්ප්‍රප්ත විය. ඔහු කෙටි කළක් ගිලන්ව සිටි අතර මියයනවිට 94 වන වියෙහි පසුවිය.

ශ්‍රී ලංකාවේ හෙද නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිට එහි සේවා දිගුවක් ලෙස එක්සත් රාජධානියට 70 දශකයේ මෙරටට පැමිම්ණි අයෙකූ විය.ඔහු මෙහිද ද දිගුකලක් හෙද සේවයේ නිරතවූ අයෙකු විය.

කරුණා එක්සත් රාජධානියේ පැවැති ආගමික හා සාමාජික උළෙල පාහේ සහභාගි වූ දෑ හිතකාමීයකු විය.

බෙදුම්වාදී ත්‍රස්තවාදීන් අනුරාධපුර සිරි මහා බෝ ධිය හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට කරනු ලැබූ මෙලේච්ජ ප්‍රහාරය නිසා ජිවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් වාර්ෂිකව පිං පැමිණවීමේ උත්සවයක් එහි ආරම්හයේ පටන් ඔහු ඔත්පලවන තෙක්ම ඔහුගේ මුලිකත්වයෙන් ලන්ඩන් නුවරදී සිදුකරනු ලැබූ ජාතිහිතයිශියෙකු විය.

ඔහු ප්‍රතිමා නෙලීම පිලිබඳ ලන්ඩනයේදී මෙරිරෝඩ් හි පිහිටි ආයතනයේ ඒ පිලිබඳ දිගු කලක් එකී ශිල්ප ශාස්ත්‍රය පිලිබඳ හැදෑරීමක යෙදුණු ඒ පිලිබඳ හසළ දැනුමක් ලද ප්‍රතිභාව පෙන්වූ කලා ශිල්පියකුද විය,ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රතිමා අතර අනුරාධපුර අව්කන පිළිම වහන්සේගේ ද, අනගාරික ධර්මපාල ,දිවංගත ගංගොඩවිල සෝම මහ නාහිමිපාණන්ගේ ඇතුළු ප්‍රතිමා රැසක් වේ.මෙම පිළිම බ්‍රිතාන්‍ය කෞතුකාගරයේද ප්‍රදර්ශනයක් සඳහාද ඔහු විසින් ඉදිරිපත්කර තිබුණි.

කරුණාරත්න බස්නායක ඔහුගේ සම්පුර්ණ නම වූ අතර ඔහු උපත ලබාතිබුණේ සඳලංකාවේය,.ඔහු සේයාරූ ශිල්පය මැනවින් ප්‍රගුණකර තිබුණි.ප්‍රතිභාව පුර්ණ කවිත්වය ඔහු තුළ සැඟවී තුබූ බැව් ඔහු වරින්වර කලක් මෙහි පළවූ ලංකා විත්ති පත්‍රයේ පළවූ කවි පන්තීන් වලින් මැනවින් පැහැදිලිවනබව එහි කතුවර දයා ආනන්ද රණසිංහ යන් වරෙක සඳහන් කර තිබුණි. ඔහු ලංකාවේ සිටි කාලය තුළ හෙද වුර්තිය සමිති ව්‍යාපාරයටද බඳී කට යුතු කල අයෙකු වුයේය.

ඔහුගේ දයාබර බිරිඳ ප්‍රේමා බස්නායක මහත්මිය විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන අතර ඔවුන්ගේ දියණියන් දෙදෙනා මුදිතා හා නන්දි ය.කරුණා බස්නායක මහතාගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 6 වන බදාදා සවස 2,00 ලන්ඩන්නුවර ,ගොල්ඩස් ග්‍රීන් හුප් ලෙන්හි පිහිටි අදහනාගාරයේදී ආදාහනය කිරීමට නියමිතය.

කරුණා බස්නායක මහතාණෙනි ඔබට අජරාමර මහ නිවන් සුව අත්වේවායි පතන්නෙමු.

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යු කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here