ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර් 1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක්
First Death Anniversary of Late Douglas Wickramaratne

0
379

ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක්

ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් සපිරුණි.ඒ  නිමිත්තෙන් ලන්ඩනයේ පිංකම් මාලාවක් ඔහු ගේ පවුලේ අයගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙදින තුළ ලන්ඩනයේ  පැවැත්වනු ලැබුණි.

දේශප්‍රේමීයෙකු වූ  ඩග්ලස් වික්‍රමරත්න මහතා වියෝවී දෙසැම්බර්  1 වනදාට වසරක් වීම නිමිත්තෙන් ඔහු වෙනුවෙන් විශේෂයෙන් සිදු කෙරුණු  පිංකම් මාලාවක්  පසුගිය දෙදින තුළ ලන්ඩනයේ  නිව්සවුසත්ගේට්හි වික්‍රමරත්න මහතාගේ නිවසෙහිදී පැවැත්විය. මෙම පිංකම් මාලාව  ලන්ඩන් මහා විහාරාධිපති  බෝගොඩ සීලවිමල හිමිපාණන් ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි.

දෙසැම්බර් 1 වනදා  ලන්ඩන් මහා විහාරාධිපති බෝගොඩ  සීලවිමල හිමිපාණන් විසින් සුමධුර  ධර්ම දේශනයක් පවත්වන්නට යෙදුනු අතර දෙසැම්බර්  2 වනදා  මහා සංඝයා වහන්සේලාවෙත සංගික  දානමය පින්කමක් ද පවත්නු ලැබිණි.

ලන්ඩනයේ සිංහල සංගමයේ සාමාජික සාමාජිකාවන් රැසක් ද මේ පිංකම්  මාලාවට සහභාගී වූ අතර වික්‍රමරත්න  මහතාගේ  දශක ගණනාවක් තිස්සේ මව්බිමේ  අඛණ්ඩතාවය ඔහු කළ  සේවාව විහාරාධිපති හිමියන් විසින් මෙහිදී සිහිපත් කළේය.

එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට  වසර 40 ආසන්න කාලයක්  තිස්සේ  ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු  කළ  දේශප්‍රේමීයෙකු වූ   ඩග්ලස් වික්‍රමරත්න මහතා සිය මෙහෙය පසුගිය වසරේ 2021 දෙසැම්බර්   1 වනදා සිය දිවිසරිය නිම කළේය.

හතළිස්  වරකට අධික කාලයක්  මව්බිමේ  අඛණ්ඩ තාවය ගැන  සටන්කළ ඩග්ලස් වික්‍රමරත්න මහතා අපේ ත්‍රිවිධ  හමුදාව  මව් රටෙහි  කළ  සටනට  සමගාමිව  ලන්ඩනයේ හා ලොව ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරමින්  අපේ රටේ කීර්තිනාමය රැක  ගැනීමට  ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමියෙකු විය.

1938 අප්‍රේල් මස 9 වනදා  කොළඹදී උපත ලද වික්‍රමරත්න මහතා මියයනවිට 83 වන වියෙහි පසු විය. ඔහු නිවසේ හදිසියේ රෝගාතුරවී උතුරු මිඩ්ල්සෙක්ස් රෝහලෙහිදී  ප්‍රතිකාර ලැබූ අතර එහිදී ශල්‍ය  කර්මයකටද භාජනය කර තිබුණි.  ඉන් අනතුරුව ඔහු මියගොස් තිබුණේ  දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදිය. කුසුම් වික්‍රමරත්න මහත්මිය ඔහුගේ බිරිඳ වන අතර ඔහු දෙදරු පියෙකු වේ. වැඩිමහලු පුත් රුවන් (නවසීලන්තය ) වන අතර දියණිය මනිෂා ලන්ඩනයේ වාසය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here