ඉන්දියාවෙන් හෙට ඉරට චන්ද්‍රිකාවක්

0
325

ඉන්දියාවෙන් හෙට ඉරට චන්ද්‍රිකාවක්

DIVAINA LK NEWS

September 1, 2023

සූර්යයා පිළිබදව අධ්‍යයනය කිරීමේ අරමුණින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යයා වටා කක්ෂගත විම සදහා යැවිමට නියමිත ආදිත්‍ය එල්-1 චන්ද්‍රිකාව හෙට උදෑසන 11.50ට අභ්‍යවකාශගත කිරිමට නියමිතය.

මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරිමට නියමිතව ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ප්‍රදේශයේ පිහිටි ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ලසතීෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සවි කර ඇති පීඑස් එල් වී-එක්ස් එල්, නමැති රොකට්ටුව මගිනි.මෙම චන්ද්‍රිකාව හරහා අභ්‍යවකාශයේ සිට සූර්යයාගෙන් සූර්ය කුණාටු ඇතුළු අභ්‍යවකාශ කාලගුණයට ඇතිවන බලපෑම,අධ්‍යයනය කිරිමට නියමිතය. හින්දි භාෂාවෙන් ආදිත්‍ය යන්නෙහි අර්ථය සූර්යයා යන්නයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here