
ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ ජයක්
ARUNA LK NEWS
31 August 2023
ආසියානු ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) සමත් විය.
ඒ, කඩුළු 5කින් තරගය ජයගනිමින්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 164ක් පමණී.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නජිමුල් හුසේන් ලකුණු 89ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.
පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ මතීෂ පතිරණ පන්දුවාර 7යි පන්දු 4කදී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවාගත්තේය.
අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 39 කදි කඩුළු 5ක් දැවී ලකුණු 165ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් රැස්කර ගත්තේය.
චරිත් අසලංක අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 9වන අර්ධ ශතකයයි.
සධීර සමරවික්‍රම ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් විය.
සධීර අද මෙලෙස වාර්ත කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන අර්ධ ශතකයයි.