පාංශු විද්‍යාඥ ආචාර්ය පානබොක්කේ දිවි සැරියට සමුදෙයි

0
371


පාංශු විද්‍යාඥ ආචාර්ය පානබොක්කේ දිවි සැරියට සමුදෙයි

DIVAYINA LK NEWS
August 31, 2023

ලංකාවේ කීර්තිමත් පාංශු විද්‍යාඥයකු මෙන්ම විශිෂ්ටතම කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයකු වූ ආචාර්ය ක්‍රිස්ටෝපර් රාජින්ද්‍ර පානබොක්කේ මහතා පෙරේදා (29 දා) අභාවප්‍රාප්ත විය.

1950 මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියකු ලෙස පත්ව වසර 60 ක කාලයක් මේ රටේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශාල මෙහෙවරක් කළ පානබොක්කේ මහතා විශිෂ්ටතම කෘෂි පර්යේෂණ රැසක නියමුවා ද විය.

ශ්‍රී ලංකාවේ පස සහ පොහොර භාවිතය, භූගත ජල තත්ත්වය, වැව් පද්ධති පිළිබඳව ඔහු කළ විශිෂ්ට පර්යේෂණ මෙන්ම නිබන්ධන විශාල ප්‍රමාණයකි.

කඩුගන්නාව, වට්ටප්පල, පානබොක්ක වලව්වේදී 1926 දී උපත ලද හෙතෙම මහනුවර හිල්වුඩ්, කටුගස්තොට ශාන්ත අන්තෝනි හා කොටහේන ශාන්ත බෙනඩික් යන විදුහල්වල අධ්‍යාපනය ලබා ශ්‍රීමත් අයිවර් ජෙනිංස් උප කුලපතිවරයා වශයෙන් කටයුතු කරද්දී විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

ඔහු මෙරට මෙන්ම ජාත්‍යන්තර කෘෂි අධ්‍යාපනය ලැබූ විශිෂ්ට විද්වතෙකි.

1978 ඔහු කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ධුයෙන් පිදුම් ලැබීය. ඒ මහතාගේ දේහය අද (31දා) බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් හි තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු අද (31දා) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here