ජනවරමක් නැති රජයක සංවේදීභාවය හා සමාජ සම්මුතිය නෑ – ජී. එල්. පීරිස්

0
326

ජනවරමක් නැති රජයක සංවේදීභාවය හා සමාජ සම්මුතිය නෑ – ජී. එල්. පීරිස්

DIVAINA LK NEWS

August 29, 2023

ජනවරමක් නොමැති රජයකින් කිසිදා සංවේදීභාවය හා සමාජ සම්මුතිය අපේක්‍ෂා කළ නොහැකි බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (28දා) පැවැසීය.

ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් තිබෙන බවත් රජයේ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් වගාබිම් විනාශ වී ගොස් ඇති අතර එයට සාධාරණ වන්දියක් ලබාදීම රජයේ වගකීම බවත් ඊයේ නිදහස ජනතා සභා කාර්යාලයේ මාධ්‍ය හමුවේදී ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ආහාර සුරක්‍ෂිත කිරීම රජය සතු වගකීම බවද කැබිනට් ඇමැතිවරුන්ගේ ප්‍රතිපත්ති ගැටුම් හමුවේ මහජනතාව අන්ත අසරණ වී ඇති බවද පැවැසූ මන්ත්‍රීවරයා ඔවුන්ගේ අර්බුදවලට ජනතාවට වන්දිගෙවීමට සිදුව ඇති බවද කීය.

කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධිපත්‍ය විනාශ වී ඇති බවත් මෙම ක්‍රියාකලාප හා තීන්දු නව රජයක් යටතේ වෙනස් කළ යුතු බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

සමගි ජන බලවේගය ඇතුළු විපක්‍ෂ දේශපාලන පක්‍ෂ සමඟ සන්ධානගතවීමට සාකච්ඡා කරන බවත් ජාතික මැතිවරණයක් දිනාගැනීම සඳහා විපක්‍ෂය එකාමෙන් කටයුතු කළයුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here