මහනුවර පළමු රන්දෝලි පෙරහර අද යි

0
251

මහනුවර පළමු රන්දෝලි පෙරහර අද යි

By Mawbima lk News

-අගෝස්තු 26, 2023

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (අගෝ. 26) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත ය.

අනුව පෙරහර අද රාත්‍රී 07.26ට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙන් ආරම්භ වනු ඇත.

රන්දෝලි පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ ගමන් කර ඊ.එල්. සේනානායක වීදියට පිවිස ඒ හරහා හරස් වීදිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිත ය.

දින 5ක් පුරා පැවති කුඹුල් පෙරහරේ අවසාන පෙරහර ඊයේ (අගෝ. 25) විදි සංචාරය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here