
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට
ARUNA LK NEWS
24 August 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබේ.
ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අලුයම 01.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 ක් සහ එක් දින තරග 03 ක් මෙම තරගාවලිය තුළ පැවැත්වීමට නියමිතය.