චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩ බසියි

0
361

චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩ බසියි
ARUNA LK NEWS
23 August 2023

චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩබැස තිබේ. එය ඉන්දීය වෙලාවෙන් පස්වරු 06.04ට සඳ මතට ගොඩ බැස ඇත.

සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව එම අවස්ථාව උදා කරගත්තේය.

හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ. චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ එය සඳ මතට කඩා වැටීමෙනි.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත්වූ අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නරඹනු ලැබුහ.

බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එය නැරඹුයේ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සිටයි.
මෙම අවස්ථාව සජීවීව ලොව පුරා සිටින මිලියන 07කට අධික ජනකායක් නරඹා තිබුණි.(වීඩියෝ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here