ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය ළඟදීම වෙළඳපොළට

0
141

07 August 2023

Share on

මෙරට ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය වන ‘මෝක්ෂ’ නොවැම්බර් මාසයේදී අයිඩියල් මෝටර්ස් විසින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙය රෝද හතරේ හතරැස් විදුලි වාහනයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, හතරදෙනකුට අසුන්ගෙන යා හැකිය.

‘අයිඩියල් මෝක්ෂ’ රුපියල් මිලියන 4.5ක මිලකට අලෙවි කිරීමට නියමිතය.

ප්‍රසිද්ධ ඔස්ටින් මිනි මෝක් වෙතින් ආභාසය ලබාගනිමින් නිපදවා ඇති ‘අයිඩියල් මෝක්ෂ’ යනු ඇලෝයි වීල් සහිත පූර්ණ වායුසමීකරණය කළ වාහනයකි.

‘අයිඩියල් මෝක්ෂ’ 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වන අතර, එය එක රැයකින් ඇම්පියර් 15ක ගෘහස්ථ චාජරයකට සම්බන්ධ කිරීමෙන් එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා පරාසයක් ලබා දෙන බව අයිඩියල් මෝටර්ස් හි සභාපති නලීන් වෙල්ගම සඳහන් කරයි.

මෙම මෝටර් රථ මෙහෙයුම සඳහා වැලිපැන්න මහින්ද්‍රා බලාගාරයට යාබදව වර්ග අඩි 30,000 ක වෙනම කර්මාන්ත ශාලාවක් ඉදිකර ඇති බවද ඔහු පවසයි.

මෙම මෝටර් රථය අපනයනය කිරීම සම්බන්ධයෙන්වන විමසීම් මේ වනවිටත් අප්‍රිකාවෙන් ලැබී ඇති බවත්, 2024 අවසානයේ සිට අපනයන සිදුකරනු ඇති බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රථම ස්වදේශීය පූර්ණ විදුලි මෝටර් රථය ළඟදීම වෙළඳපොළට

ARUNA LK NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here