පාපන්දු ලෝක කුසලාන දැවැන්ත ක්‍රීඩාවලිය -පළමු තරඟය අද නොවැම්බර් 20 මැද පෙරදිග කටාර්හිදී පැවැත්වේ

0
421

ලෝකයම ක්‍රීඩා උණුසුමෙන් ඇළලීයන පාපන්දු ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලිය අද (Nov 20 )මැදපෙරදිග කටාර්හිදී ඇරඹේ.ලොව රටවල් 32 ක පාපන්දු කණ්ඩායම් මේසඳහා තරඟ වැදෙන අතර දින 28ක කාලයක් තිස්සේ කණ්ඩායම් 32 ක් මේ තරඟාවලියට ඉදිරිපත්ව සිටිති. කටාර් හි නගර පහක ඇති ක්‍රීඩාංගන 8ක පවත්වෙන අතර තරඟ 64ක් කටාර්හි ක්‍රීඩාංගන 8ක පැවැත්වීමට නියමිතය. පළමු තරගය කටාර් සහ ඉක්වදෝරය ප්තලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගන‍යේ දී අද (20 Nov) පැවැත්වේ.එයක් ක්‍රීඩාංගන 8 අතරින් විශාල ක්‍රීඩාංගන‍ය වේ. තවද එහි 80,000 ක පාපන්දු ලෝලීන්ට නැරඹීමේ ඉඩකඩ සැලසෙන පරිදි අලුතින් ගොඩනඟා ඇති එකක් ද වේ. මැද පෙරදිග රටක පාපන්දු ලෝක කුසලානය තරඟය පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස සැළකේ. ලෝක කුසලානය ආසියාවේ පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වන අතර පළමු ආසියාතික 2002 වසරේදී ජපානය සහ දකුණු කොරියාවේදී පවත්වන්නට යෙදුනි. තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 44ක මුදලක් ලබාදීමට නියමිතය.තවද මෙම ශූරතාවේ ජයග්‍රාහකයන් සඳහා ඩොලර් මිලියන 440ක් පමණ ත්‍යාග වශයෙන් ලබාදීමට ද නියමිත බව වාර්තාවල සඳහන්වේ.ලෝක කුසලානය පැවැත්වීම සඳහා කටාර් රජය විසින් ක්‍රීඩාංගන‍ අලුතින් 7ක් ගොඩනගා තිබුණු අතර ලුසෙයිල් හි ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගන‍ය, අල් ඛෝර්හි අල් බයිට් ක්‍රීඩාංගන‍ය, අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගන‍ය අහමඩ් බින් අලි ක්‍රීඩාංගන‍ය, කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගන‍ය,ස්ටේඩියම් 974 සහ දෝහා හි අල් තුමාමා ක්‍රීඩාංගන‍ය අල් රේයාන්හි ක්‍රීඩාංගන‍ය ලෙස වාර්තාවල දැක්වේ. මේ සියලුම ක්‍රීඩාපිටි කටාර් හි අගනුවර වන දෝහාවල සිට කිලෝමීටර් 55 ඇතුළ පිහිටා තිබීම ද විශේෂත්වයකි.ස්ටේඩියම් 974 ක්‍රීඩාංගන‍ය කොටස් වශයෙන් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හැකි ක්‍රීඩාංගන‍යක් බව සඳහන්වේ.එය සම්පූර්ණයෙන් කන්ටේනර් පෙට්ටි වලින් නිර්මාණය වී ඇති මෙම ක්‍රීඩාංගන‍යක් වේ. කන්ටේනර් 974ක් යොදා ගත් බැවින් මෙය ස්ටේඩියම් 974 යන නමින් හඳුන්වාතිබේ. එය තුළ උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ක්‍රීඩාංගන‍ නවීනතම දේශගුණ පාලන පහසුකම් සළසා ඇති අතර තරු පන්තියේ පහසුකම්වලින් සමන්විත පහසුකම් රැසක් එයට සහභාගිවන පාපන්දු ලෝලීනට ලබාදීමට කටාර් රජය සළස්වා ඇති බව වාර්තාවල කියවේ.මේ ක්‍රීඩාංගන‍ ගොඩනැගුමේදී අඩු පඩියට වහලුන්ලෙස ආසියාතික රටවල කම්කරුවන් යොදාගත් බවත් එහිදී විශාල කම්කරුවන් රැසකගේම ජිවිත අහිමිවූ බවත් කටාර් රජය වෙත කරනු ලබන විවේචන රැසක් පසුගිය කාල පරාසය තුළ නිර්මාණය වෙමින් තිබුණි. විශේෂයෙන් මේ නිසා මානුෂික නීතිරීති උල්ලංගණය කිරීමේ හේතුව මත අවස්ථා රැසකදී මෙහි ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය එහි නොපවත්වන්නැයි යන මහත් උද්ගෝෂණයක් විශේෂයෙන් බටහිර යුරෝපිය රටවල් විසින් ලෝක පාපන්දු සංගමයයෙන් ඉල්ලා සිටියේය. මේ විරෝධතා හමුවේ,කෙසේ වෙතත් මෙම තරඟය එහි පැවැත්වීම තීරණය කෙරිණි.එය අවසාන මොහොත දක්වාම එය මහත් ගැටළු රැසකින්ම පිරී පැවතුනි.අද වනවිට මේ ගැටළු අවසන් වුවද එයට සහභාගී වීමට සමරිසි නැතහොත් සමලිංගිකයනට තහනම් යයි කටාර් රජ පවුල විසින් තීරණය කොට තිබේ.තවද පාපන්දු ලෝලීන් ගේ ජනප්‍රිය පානය වන බියර් පානයද මෙම තරඟ අතරතුර තහනම් කර ඇත.මේ හේතුව නිසා තරඟයට සත්කාරය දැන්වීම් සැපයීමෙන් දායකවූ බියර් සමාගමක් ඉන් ඉවත්ව තිබුණි. මේ නිසා තරඟ සංවිධායකයනට ඩොලර් කෝටි ගණනක් අහිමි වී ඇති බවද කියවේ.මේ ඉහත සඳහන් කරුණු හේතුකොටගෙන බලවත් විරෝධයක් එම ලෝලීන් ගෙන් නිර්මාණය වී ඇති අතර බොහෝ පිරිසක් ඒ තදබල නීතිරීති නිසා මෙම තරඟය වර්ජනය කරති බවද ,බටහිර පුවත්පත් වාර්තාවල වැඩිදුරටත් සඳහන්වේ.මෙම දින 28 ක තරඟ පැවැත්වෙන කාල සිමාවතුල පාපන්දු ලෝලීන්ට සිය වැඩ කරන සමාගම් වලින් ඒවා රුපවාහිනී නාළිකා වලින් වැඩ පොළවල් තුළසිට නැරඹීමට කටයුතු සැලැස්වීමට මේ වනවිට අවශ්‍ය විදිවිධාන යොදා ඇතැයි බීබීසි වාර්තාවක සඳහන්වේ.ලොව වැඩිම පිරිසක් නරඹන ලෝක පාපන්දුතරඟාවලිය ලෝකයේ වසර 4 වරක් පාසා පැවැත්වෙන දැවැන්ත  ක්‍රීඩාවලියකි.මේ තරඟාවලිය නිසා දිනවල පවතින අධික ශීතල අමතකවී යුරෝපයටද ඉන් කටාරයේ උණුසුම ළඟාවන බව නම් නිසැකය.
ශාන්ත සේනාධීර -ලන්ඩන් කොළම ලංකා නිවුස් යු.කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here