මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 20,000ක් පුනරුත්ථාපනය කෙරෙති

0
321

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 20,000ක් පුනරුත්ථාපනය කෙරෙති
MAWBIMA LK NEWS
By Anjali Vithanage -අගෝස්තු 3, 2023

පසුගිය වසර 10 තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ 8000කට අධික පිරිසක් පුනරුත්ථාපනය කළ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය ඉටු කළ ජාතික කාර්යභාරය සහ ඉලක්ක පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (අගෝ :03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දොළොස් දහසකට වඩා පුනරුත්ථාපනය සිදු කළ බව ද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වවරයා සඳහන් කළේ ය.

”මෙරට තුළ පැවති තිස් වසරක යුද්ධය අවසන් වූ පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් වශයෙන් සිටි පුද්ගලයින් දොළොස් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර සමාජගත කළා. ඔවුන් පුනරුත්ථාපනය කිරීම අවසන් වූ පසුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ගේ යහපත් පුද්ගලයින් ලෙස සමාජගත කිරීමේ වගකීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට සමාජය පිළිගන්නා යහපත් පුරවැසියන් ලෙස සමාජගත වීම සඳහා යුක්තිය පසිඳලීමේ කාර්යක්‍ෂම ක්‍රමයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් පුහුණුවීම් ඔවුන්ට ලබා දෙනවා.”

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක නව පනතට අනුව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකි බව ය.

” 2023 අංක 02 දරන පුනරුත්ථාපන කාර්යාංශ පනත යටතේ පුනරුත්ථාපනයෙන් ඔබ්බට පුද්ගලයින් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. නව පනත මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක යි. ඒ අනුව, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකි යි. මේ වන තෙක් මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here