
Lanka News UK
01/08/23
යුග ගණනාවක් ගුවන් විදුලියේ හඬ කැවීමේ නැතිනම් ශබ්ද පරිපාලකයෙකු ,ප්‍රවීණ මාධ්‍යවේදී, නිවේදකයෙකු ,නළුවෙකු ,හා ගේය පද රචකයෙකු ලෙසත් දැවැන්ත නිහඬ කාර්ය භාරයක නිරතවූ ලාල් සරත් කුමාර මහතා සිය දිවිසැරිය නිම කළේය.1955 උපත ලැබූ ඔහු මිය යනවිට 68 වන වියෙහි පසුවිය.
1971 දී ගුවන් විදුලියේ හඬ කැවීමේ නැතිනම් ශබ්ද පරිපාලකයෙකු ලෙස බැඳුනු ඔහු ඊටපෙර සුමනා ජයතිලක මෙහෙයවූ හඳ මාමා වැනි වැඩසටහන් රාශියකට සහභාගී වි තිබු අයෙකු වුයේය.ඔහු ඒ වනවිට කොළඹ ඇලෙක්සැන්ඩරා විදුහලේ ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියේය.කෙසේ නමුදු ඔහු කලාවට නැඹුරු වුයේ අහම්බෙනි.ඔහු සමග එකම දිනෙක ගුවන්විදුලියට බැඳුණු නැසීගිය නිමල් ලක්ෂපති ආරච්චි සමග ඔහු ගුවන් විදුලි පටිගත කිරීම් දිවයින පුරා විවිධ ස්ථානවල සිට කිරීමේ කාර්යට මුල් කාලයේ පටන් උරදුන් අයෙකුවිය.
ඔහු මුවන් පැලැස්සේ කදිරාගේ චරිතයට පන පෙවිය.ඔහු යු ටියුබ් නාලිකාව ඔස්සේ අපේ නවක පරපුරට අධ්‍යනයක යෙදු අයෙකු විය.සිංහලයෙන් මේ පිලිබඳ දැනුම ලබාදුන් කෙනෙකුවිය ඔහු නාට්‍ය රැසක ප්‍රධාන චරිත රසල්ක හඬ කැවූ කෙනකු විය
ඔහු මුලින්ම සහභාගිවූ නාට්‍යය වුයේ සුගතපාලද සිල්වා ගේ නිර්මාණයක්වූ “දුන්න දුනුගමුවේ” යයි.එතැන් පටන් අපේ නාට්‍ය රැසකටම ඔහු රංගනයෙන් දායක විය. වත්මන් ටෙලි නාට්‍ය රැසකම ඔහු රංගනයෙන් දායක වූ අයෙකු වුවේය,. ඔහු දෙරණ රුපවාහිණියේ ප්‍රචාරය වූ ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක මේවනවිටත් සිය රංගනයෙන් දයාවූ අයෙකුවේ. දිවයිනේ ඉතා ප්‍රසිද්ධියට පත් “සිදු ” ටෙලි නාට්‍යයේ ඉස්කොලේ මහත්තයාගේ චරිතය අපේ රසිකයන්ගේ ආදරය දිනාගත් එක් නාට්‍යයක් ලෙස හැඳින් විය හැක.
ලාල් සරත් කුමාර රංගදරයාණෙනි .ඔබට සුභ ගමන් .
ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.