ලාංකිකයන්ගේ ඇස්වලින් ලොව පුරා 1767දෙනකුට පෙනීම

0
328

ARUNA LK NEWS

31 July 2023 | සුනිල් රූපසිංහ – පල්ලේපොල

මෙම වසරේ ඊයේ (28 වැනිදා) දක්වා ශ්‍රී ලංකිකයින් විසින් රටවල් 57ක පුද්ගලයින් 1767දෙනකුට පෙනීම ලබාදීමට දායක වී ඇතැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු ජගත් සමන් මාතරආරච්චි ‘අරුණ’ කළ විමසීමේදී පැවැසුවේ ජපානය, ඊජිප්තුව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව සහ සිරියාව ඇතුළු රටවල් 57ක නගර 117ක දෑසම හෝ එක් ඇසක් නොපෙනෙන පුද්ගලයින් සඳහා ලාංකිකයින් මෙලෙස ඇස් පරිත්‍යාග කර ඇති බවයි.

මෙරට අක්ෂි වෛද්‍යවරුන්ගේ නිර්දේශවලට අනුව ශ්‍රී ලාංකිකයින් 541දෙනකුට ද මෙලෙස ඇස් පරිත්‍යාග කර තිබේ.

එක් ඇසක් හෝ දෑසම නොපෙනෙන දෙස් විදෙස් ඕනෑම පුද්ගලයකුට වෛද්‍ය නිර්දේශ අනුව නොමිලේ ඇස් සැපයීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඉදිරිපත්වී සිටින බවද ජගත් සමන් මාතරආරච්චි මහතා පැවැසීය.

තවද ඇස් දන්දීමට ඇති ඉහළම කැමැත්ත ශ්‍රී ලාංකිකයින් විසින් දක්වා ඇති බවත් මේ වනවිට ඇස් දන්දීමට ලාංකිකයින් ලක්ෂ 22ක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් හෙතෙම කීවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here