
දෙවන ටෙස්ට් තරගයෙනුත් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
MAWBIMA LK NEWS
By Kumudu Jayawardana -ජූලි 27, 2023 ප.ව. 4:40
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද පකිස්ථානයට විශිෂ්ට ජයක් හිමි විය.
ඒ, ඉනිමක සහ ලකුණු 222ක ජයකි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 166කදී බිඳ වැටිණි.
පකිස්ථානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 576ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය.
එහිදී ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් ලකුණු 201ක් රැස් කළ අතර සල්මන් අලි අඝා නොදැවී ලකුණු 132ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 188කට සීමා විය. ඇන්ජලෝ මැතිව්ස් සුවිශේෂී පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 63ක් රැස් කළේ ය.
පන්දු යැවීමේදී නෝමන් අලි කඩුලු 7ක් බිඳ හෙළූ අතර නසීම් ෂා කඩුලු 3ක් බිඳ හෙළී ය.