
ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයෙන් නියෝගයක්
ARUNA LK NEWS
26 July 2023
ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසිනි.
අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය.
පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාවයි.
මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවය.