පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්ටම -බලය දෙන්න බහුතරයක් සහ ජනමත විචාරණයක් ඕනෑ – නීතිපති දැනුම් දෙයි

0
298

පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්ටම බලය දෙන්න

පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්ටම බලය දෙන්න

පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්ටම බලය දෙන්න
කැටගොඩගේ පනත් කෙටුම්පත

බහුතරයක් සහ ජනමත විචාරණයක් ඕනෑ – නීතිපති දැනුම් දෙයි
DIVAINA LK NEWS
ඒ. ජේ. ඒ. අබේනායක
July 25, 2023


පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් නැවත කැඳවීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට ඉඩකඩ ලැබෙන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ගොනුකර ඇති පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයා ඊයේ (24දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට පක්‍ෂව හා විපක්‍ෂව ඉදිරිපත් කොට තිබූ විශේෂ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත යවන බවද ඊයේ (24දා) නිවේදනය කළේය.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) ඇතුළු පාර්ශ්ව විශේෂ පෙත්සම් 27 ක් ගොනුකර තිබුණි. ඉන් 16 ක් පෙරේදා (23) සලකා බැලීම සිදුකළ අතර සෙසු පෙත්සම් 11 ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ හා අචල වෙන්ගප්පුලි යන විනිසුරුමඬුල්ල හමුවේදී ඊයේ (24 දා) විභාගයට ගැනිණි.

එකී පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා හා ලිඛිත දේශන අද (25 දා) දිනය ඇතුළත ගොනුකරනා ලෙසටද විනිසුරු මඬුල්ල සියලු පාර්ශවවලට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here