ඉන්දියාවේ දී ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට තිබූ ජනවරම කුමක්ද

0
325

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා


DIVAINA LK NEWS
චමින්ද සිල්වා
July 25, 2023



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයේ දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට හේතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (24 දා) පැවසීය.

ජනාධිපතිවරයා මැදිහත්වී ඉන්දියාවේ දී ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත් එම ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට තිබූ ජනවරම කුමක්ද යන්න විමසා සිටින බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හේරත් මහතා විමසා සිටියේය.

නීත්‍යානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වූ වික්‍රමසිංහ මහතාට ජනතාව නියෝජනය කරමින් ගිවිසුම් අත්සන් කිරීමට නීත්‍යානුකූලව කෙසේ වෙතත් සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නිසා මේ ගිවිසුම්වල අත්සන් කළ දෑ රටට හෙළිකරන ලෙසද ඉල්ලා සිටියේය.

මේ වන විට ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නාඩගමක් නටන බවත් මෙය හුදෙක්ම ටෙලිවිෂන් රංගනයක් බවත් කී ඒ මහතා හැකි නම් 13 ගැන කතා කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

13 ගැන කතා කිරීමට පෙර ආණ්ඩුව ඇතුළේ සිටින පක්‍ෂවල එකඟතාව ගෙන පෙන්වන ලෙසත්, එසේ නොකර සර්වපාක්‍ෂික සමුළු පවත්වා රටේ මුදල් වියදම් නොකරන ලෙසත් ඉල්ලා සිටි ඒ මහතා ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ප්‍රකාශ කළේ මොනවාද යන්න රටේ ජනතාව නොදන්නා බවත් කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here