
ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදයි
ARUNA LK NEWS
25 July 2023
ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදට යෙදී තිබේ.
මෙවර එහි තේමාව වන්නේ ”කිසිම කෙනෙක් දියේ ගිලීමෙන් මරණයට පත් නොවිය යුතුය” යන්නයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ සහ කළමනාකරණය පිළිබඳ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග
පැවසුවේ, සෑම වසරකම සිදු වන මරණවලින් 10% ක් පමණ දියේ ගිලීම් හේතුවෙන් සිදු වන බවයි.
දිනකට දියේ ගිලීම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුගේ පමණ දිවි අහිමි වන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වසරේ ගත වූ කාලය තුළ දියේ ගිලීම් හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය පැවසීය.