අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්

0
336

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්
ARUNA LK NEWS
22 July 2023



අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය අමෙරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පත්කිරීමට සෙනට් සභාව අනුමැතිය ලබාදුන හොත් අද්මිරාල් ලීසා ෆැන්චෙටී අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here