මෙරිල් ජේ. ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

0
382

මෙරිල් ජේ. ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ARUNA LK NEWS
20 July 2023



ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (20) උදෑසන කොළඹ දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ පසුවුණි.

1950 දශකයේ දී තේ රස පර්යේෂකයෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ මෙරිල් ප්‍රනාන්දු මහතා පසුකාලීනව තේ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.

1985 වසරේ දී Dilmah සන්නාමය යටතේ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් මෙරට තේ කර්මාන්තය නව මඟකට ගෙන ඒමට ඒ මහතා පුරෝගාමී කාර්යයක් ඉටුකළේය.

ඩිල්හාන් සහ මලික් යන ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් සම්බන්ධ කරගනිමින් Dilmah තේ සන්නාමය නිර්මාණය කර ඇති අතර පසුකාලීනව එය ලෝකප්‍රකට සන්නාමයක් බවට පත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here