බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයෙකු පත් කිරීම සැප්තැම්බර් මස 5 වන සඳු දින අද සිදු කෙරේ 

0
321

සඳුදා අද දහවල් 12.30 ට පමණ, කොන්සර්වේටිව් නායකත්ව මැතිවරණය සඳහා තේරීම් භාර නිලධාරී – 1922 පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ සභාපති, ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රැඩි – විසින් තරඟයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ඇත. 

අගමැති බොරිස් ජොන්සන් ගේ  ඉල්ලා අස්වීම නිසා ඇතිවූ  දැනට බලයේ සිටින කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය සඳහා  මේ චන්ද සටන ඇරඹුණි.මේ  සඳහා එම අමාත්‍ය මණ්ඩලයේ  මැති ඇමතිවරියන්  පිරිසක්  ඒ සඳහා ඉල්ලුම් කර සිටියේය. මාස කිහිපයක් තිස්සේ රට පුරා පැවති රැස්වීම්  වාද  විවාද,රුපවාහිනී  පුවත්පත්  සාකච්ජා වලට  මේ සියල්ලන්ටම  පෙනී සිටිමට සිදුවිය.අවසානයේ ඒ සඳහා කොන්සර්වටිව් පක්ෂ නව නායකයා ලෙස නැතිනම් මෙහි නව අගමැතිවරයා ලෙස සුදුසුසන් යයි ප්‍රකාශයට පත්ව තිබුණි.එහි පක්ෂ ව්‍යවස්ථාව අනුව අවසන් සටනට දෙදෙනෙකු තේරී පත්විය..ඒ  විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය හා මුදල් ඇමති රිශී සුනාක් මහතා යන දෙපලයි.

ඉන් එක්  අයෙකු 1975 ජූලිමස 21 වනදා ඔක්ස්පර්ඩ් හිදී උපත ලැබූ ලිස් ට්‍රස්ය. ඇය දෙදරු දරු  මවකි.  2000 වසරේදී හියු ඔලෙයි හා විවාහ ගිවිසගෙන තිබුණි. ඇගේ පියා ලීඩ්ස් විශ්ව  විද්‍යාලයේ ගණිතය පිළිබද මහාචාර්යවරයෙකු වූ අතර  මව හෙදිය හා ගුරුවරියක් ලෙස සේවය කල අයෙකු වුවාය. ලිස් ට්‍රස් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ (1966) උපාධිදාරිණියක්  වූ අතර එහි සිසුවියෙකු සිටින කල පටන්ම ලිබරල් පක්ෂයේ ද කටයුතු කළ  අයෙක් විය. පසුව කොන්සවේටිව් පක්ෂයට බැඳී තිබුණි.ඈ   දිගු කලක සිට පාර්ලිමේන්තුවට පත්ව ආ අත්දැකීම් බහුල පාර්ලිමේන්තු කටයුතු ඇති අයෙක් වූවාය.තවද ඇය ෂෙල් හා කේබල ආණ්ඩ වයර්ලස් සමාගම්වල විධායක තනතුරු දැරූ  ගණකධිකාරිවරියක් ලෙසද කටයුතුකළ අයෙකුවේ,.ඇය ඩේවිඩ් කැමරන් ,තෙරේසා මේ ,හා බොරිස් ජෝන්සන්යන අගමැතිවරුන් යටතේ ළමා කටයුතු,අධ්‍යාපන ,පරිසර පිලිබඳ ,අධිකරණ ,වෙළඳ හා විදේශ යන ඇමති ධුර ඉසිලු තැනැත්තියක්ද වන්නීය.

ඍෂි සුනාක්  වර්ෂ 1980 මැයිමස  12 වන දින  සවුත්හැම්ටන්හිදී උපත ඇති  අතර  ඔහුගේ දෙමාපියන්  ඉන්දිය සම්භාවයක් ඇති අප්‍රිකාවේ සිට 1960 මෙහි පැමිණි බව සඳහන්වේ.ඔහුගේ පියා යෂ්වීර්  වෛද්‍යවරයකු වූ (GP) අතර ඌෂා දේශීය ඔසුසලක් පවත්වාගෙන ගිය ඖෂධවේදිනියකි.

සුනක් හැම්ප්ෂයර් හි රොම්සි හි පෙර  පාසලක් වන ස්ට්‍රවුඩ් පාසලටද  සහ පිරිමි ස්වාධීන පෞද්ගලික  පාසලක්වූ වන වින්චෙස්ටර් විද්‍යාලයට ඇතුළත් ව තිබුණි.  ඔහු එම පාසලේ ප්‍රධාන ශිෂ්‍යයා සහ පාසල් පත්‍රයේ කර්තෘවරයා කටයුතු කර තිබුණි. ඔහු ඔහුගේ  නිවාඩු කාලය තුළ සවුත්හැම්ප්ටන් හි හෝටලයක  වේටර්වරයෙකු කටයුතු කර තිබුණි.ඔහු ඔක්ස්ෆර්ඩ් හි ලින්කන් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය සහ ආර්ථික විද්‍යා විෂයන් හදාරා  2001 දී ප්‍රථම බි.ඒ උපාධිය ලබා ගත්තේය.විශ්ව විද්‍යාලයේ සිටියදී, ඔහු කොන්සර්වේටිව් ප්‍රචාරක මූලස්ථානයේ සීමාවාසික පුහුණුවක් ලබා ගෙන තිබුණි. ඔහු 2006 දී,  ෆුල්බ්‍රයිට් ශිෂත්වයක්  ලබා ඇමෙරිකාවේ සැන්ෆ්රන්සිස්කෝ හි  ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ගෙන තිබු අතර එහිදී ඔහුට මෙහි ප්‍රකට කෝටිපති වියාපරිකයෙකුවූ එන .ආර් නාරායන් මුර්ති ගේ දියණියවූ ආකෂ්ඨා  මුණගැසී පසුව ඔවුන් විවාහ ගිවිස ගෙන තිබුණේය .ඔවුනට දරු දෙදෙනෙකු සිටින අතර ටයිම්ස් වාර්තාවල සඳහන්ව ඇති පරිදි ඔවුන් බ්‍රිතාන්‍යයේ 222 වැනි කෝටි  පත් යුවළ  බව ද වාර්තාවේ.

වර්ෂ 2015 යෝක්ෂයර් රිච්මන්ඩ් ආසනයේ කොන්සවේටිව් මන්ත්‍රී අසුන දිනා ඔහු මෙහි මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් විය. ඉන් අනතුරුව විලියම් හේග් .කැමරන් ,තෙරේසා මේ ,බොර්ස් ජොන්සන් යන අය යටතේ කොන්සවේටිව් රජයන්හි විවිධ නිලතල දැරූ  අයෙකු ලෙස හැඳින්විය හැක. යුරෝපා හවුලෙන් ඉවත්වීමේ කටයුතු හා මුදල් පාලනය සමබන්ද කටයුතු රාශියක වගකිවයුතු මෙහෙයක් ඔහු විසින් උසුළා  ඇති වර්තාවල සඳහන්වේ,ඔහු පළාත්පාලන ඇමති. මහා භාණ් ඩාගාර හාමුදල්  යන රටේ ප්‍රධාන තම  ඇමති පදවි වල කටයුතු කළ  ඇති අයෙකු වේ. කොවිඩ් 19 වසංගතයේදී රටේ තිබු ආර්ථික අර්බුදය සමනය කිරීමට ඔහු ගත්  මෙහෙය ප්‍රසංශනිය එකකි.මෙවැනි වගකිවයුතු නිලයකට පත්වූ එකම ආසියතිකයාවීමේ ගෞරවයද ඔහුට හිමිවිය යුතුය. 

 ඔහු වින්චෙස්ටර් පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යලයේ  ලින්කන්ස්හිදී සිය ප්‍රථම උපාධිය ලබාගෙන තිබුණි.අනතුරුව  ඔහු ඇමරිකාවේ ස්ටන්ෆ්ර්ඩ්  විශ්ව විද්‍යාලයෙන් එම් .බි.ඒ උපාධියද සමත් වී ඇති අයෙකි.ඔහු විවාහ වි තිබුණේ  බ්‍රිතාන්‍යයේ කෝටිපති බිලියන පතියෙකුගේ දියණියක් වූ අකෂ්ඨා නාරායන් සමගිනි.ඔවුන් දෙදෙනා සතු සමාගම් කිහිපයක් වේ, ඔහු කොන්සවේටිව් පක්ෂයේ  1995 රිච්මන්ඩ් ආසනයේ  මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අතර 2020 -22 වසරේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරඇත. මෙම තනතුරට පත්වූ  එකම ආසියාතිකයා සුනාක්වන අතර බ්‍රිතාන්‍යයේ අගමැති තනතුරට  මෙරට ඉතිහාසයේ තරඟ  වැදෙන  එකම තැනැත්තා ඔහු බව මෙහිලා සඳහන් කල යුතුය. ලොවපුරා  වෙසෙන බොහෝ දෙනෙකුගේ දෙනෙත් අද මේ දෙස යොමුවී ඇත්තේ විශේෂයෙන්  මේ නිසා බව සඳහන් කල යුතුය. ඔහු පත්වූයේ නම් ඇමෙරිකාවේ  ඔබාමා වැන්නකු මෙන් ඔහුගේ මෙම පත්වීම පිලිබඳ ලෝක ඉතිහාසයේ සදා  සමරනු ඇත.

කොන්සවර්ටිව් නායකයා තේරීමේ අවසන් ඡන්ද විමසුම සැප්තැම්බර් 2 දා පැවැත්වූ අතර මේ සඳහා දැනට බලයේ සිටින කොන්සවේටිව්  පක්ෂයේ  සාමාජිකයන් දෙලක්ෂයක් පමණ ආසන්න  පිරිසක් මේ සඳහා ඡන්දය ලබා දුන්නේය.

නිල ඡන්ද ප්‍රතිඵල එළඹෙන සඳුදා 5දා අද දින  ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ නිල අස්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින වෙත එදිනම ලබා දීමට නියමිත යයි  වාර්තාවේ..මේ අනුව   ඉහත සඳහන් කළ   ලිස් ට්‍රස් හෝ රිශී සුනාක් යන දෙදෙනාගෙන් එක අයෙකු  බ්‍රිතාන්‍යයේ  නව අගමැති හෝ අගමැතිවරිය ලෙස මහරැජින විසින්  පත් කෙරෙනු ඇත.

දැනට මඳ  අසනීප තත්වයෙන් පසුවන දෙවන එලිසබෙත් මහ රැජින ඇයගේ  ස්කොට්ලන්තයේ බැල්මොරල්  මාලිගාවේ දැනට විවේක සුවයෙන් පසුවන අතර එහිදී  නව අගමැතිවරයා එතුමිය ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි  එහි වාර්තාවල සඳහන් වේ.

කොන්සර්වටිව් පක්ෂ නව නායකයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ලිස් ට්‍රස් පත්වනු ඇතැයි සමීක්ෂණ පෙන්වා දී ඇත. එහෙත්  අවසන් මොහොත තෙක් රිශී සුනාක් බලාපොරොත්තු අත් නොහරින බව ඔහු ප්‍රකාශ කර බව පසුගිදා ඒ පිලිබඳ වාර්තාවල සඳහන් ව තිබුණි.. නව කොන්සර්වටිව් පක්ෂ නායකයා 2025 ජනවාරි මාසය තෙක්  අගමැති හොබවනු ඇත.

සඳුදා දහවල් 12.30 ට පමණ, කොන්සර්වේටිව් නායකත්ව මැතිවරණය සඳහා තේරීම් භාර නිලධාරී – 1922 පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ සභාපති, ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රැඩි – තරඟයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ඇත. “අගමැතිවරයෙකු පත්වන පළමු දිනයේම ඔවුන් ඉතා රහසිගත රැස්වීමකට රැගෙන ගොස් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් සැලැස්මක් සකස් කරන ලෙස ඉල්ලා සිටියි” මේ පිලිබඳ සිදු කරනු ලැබූ ස්කයි පුවත් වාර්තාවක  පළව  තිබුණි,තවද එහි වැඩිදුරටත් සඳහන්කර තිබුණේ මෙසේය.

“උද්ධමනය දැනටමත් ඉලක්කම් දෙකක අගයක පවතී. 1970 ගණන්වල සිට ගෙවීම දැනටමත් එහි වේගවත්ම වේගයකින් පහත වැටී ඇති අතර ඒවා යහපත් වීමට පෙර දේවල් නරක අතට හැරෙනු ඇති බවය. බලශක්ති බිල්පත් 2023 ආරම්භයේදී මසකට පවුම් 500 දක්වා ඉහළ යා හැකියයි ඇය  පවසා ඇත.තවද  ” Liz Truss පවසා ඇත්තේ බලයට පත් වී සතියක් ඇතුළත මිනිසුන්ට ඔවුන්ගේ බලශක්ති බිල්පත් සඳහා උපකාර කිරීමේ සැලැස්ම ඇය විසින් ප්‍රකාශයට පත් කරන බවයි”. පළමු මාසය තුළ හදිසි අයවැයක් අපේක්ෂා කෙරේයයි ද  ඒ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. 

ශාන්ත සේනාධීර  – ලංකා නිවුස්  යු කේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here