
ශ්‍රී ලංකන් ගුවන් සේවයට විදේශිය ගුවන් නියමුවන්
ARUNA LK NEWS
15 July 2023
සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් විශාල පිරිසක් විදේශගතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගුවන් සමාගමේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ දෙන බවද ඔහු එහිදී සඳහන් කළේය.