ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකරයි

0
318

ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂක වරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකරයි

ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂකවරයෙකු වූ ඩොනල්ඩ් කරුණාරත්න අද සිය දිවිසරිය නිමකල බව වාර්තා වේ.සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රාශියක කැමරා අධ්‍යක්ෂණය කර ඇති ඔහු මියයනවිට 77 වැනි වියෙහි පසුවූවාය. ඔහු මිය ගොස් තිබුණේ ඇමරිකාවේ ලොස් ඇන්ජල්හිදී බව එම වාර්තාවල සඳහන්වී ඇත.

දිවයිනේ සිනමා කර්මාන්තයේ දැවැන්තයන්වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ධර්මසේන පතිරාජ වසන්ත ඔබේසේකර සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ වූ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස ඔහු කටයුතු කළේය.චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කර තිබුණි.

ඩොනල්ඩ් ලැබූ සම්මාන රැසකි.සරසවිය සිනමා සම්මාන වසර රැසකදී ලබාග ඔහු , ස්වර්ණ සංඛ ,ජනාධිපති, ඕසීඅයිසී ,ඇතුළු මෙරට සියලුම ආකාර සම්මාන වලින් පිදුම් ලැබූ අති විශිෂ්ට කැමරා ශිල්පියෙකු විය..“අහස් ගව්ව”, “ගඟ අද්දර”, “කරුමක්කාරයෝ”, “යහළු යෙහෙළි”, “මලට නොඑන බඹරු”, “දඩයම”, “මායා”, “ක්‍රිස්තු චරිතය”, “පොරොන්දුව” වැනි විශිෂ්ට චිත්‍රපට ගණනාවකම කැමරා අධ්‍යක්ෂක වරයාවුයේ වුයේ ඔහු ය. මින් බොහොමයක් දේශීය හා ජාත්‍යන්තර සම්මානයෙන්ද පිදුම් ලැබූ ඒවා විය.

ඔහු 19 වතාවක් විවිධ ආකාරයේ කැමරාකරණ සම්මාන ඔහු ලබා ඇති අතර එය ලංකාවේ වාර්තාවක් බවද ඔහු පිළිබද ලියැවු වාර්තාවල සඳහන්වේ.2017 වසරේදී පවතී ජනාධිපති සම්මාන උළෙලේ දී ඔහු විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලබා තිබුණි.

.
ඔහු මිය ගොස් තිබුණේ අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2 ට පමණයයි ද වාර්තාවල සඳහන්වේ.. අවසන් කාලයේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් විය.
මියගිය ඩොනල්ඩ් කරුණාරත්නගේ අවසන් කටයුතු ඇමරිකාවේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර දී පැවැත්වීමට නියමිතයි.

Shantha Senadheera -Lanka News UK
සේයාරූ දයාන් විතාරණ -අන්තර් ජාලයෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here