ඓතිහාසික රුහුණු රාජධානිය – The Kingdom of Ruhuna ග්‍රන්ථය ඇමෙරිකානු තානාපතිවරියට පිළිගැන්වේ

0
455


ඓතිහාසික රුහුණු රාජධානිය – The Kingdom of Ruhuna ග්‍රන්ථය
ඇමෙරිකානු තානාපතිවරියට පිළිගැන්වේ

Diviana lk News
July 13, 2023


ඇමරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (America Sri Lanka photography Art Society) මගින් ඉකුත් අප්‍රේල් මස 22 – 23 යන දිනයන්හි ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු Sri Lanka in focus නම් ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව සංගමය මගින් එළිදක්වන ලද ‘ඓතිහාසික රුහුණු රාජධානිය’ (The Kingdom of Ruhuna) නමැති ග්‍රන්ථයේ පිටපතක් සංගමයේ ලේකම් සදීෂා හුලංගමුව මහත්මිය විසින් ඉකුත්දා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ‘ජුලී චංග්’ :(Julie chung) මහත්මිය වෙත පිළිගන්වනු ලැබුවාය.

‘ඓතිහාසික රුහුණු රාජධානිය’ පර්යේෂණ කෘතිය සංගමයේ සභාපති සූරිය කුමාර ජයලත් මහතා විසින් සම්පාදනය කරන ලද්දකි.

මෙම අවස්ථාවට ඡායාරූප ශිල්පී හා බැංකු කළමනාකාරිනි හිරන්ති ද සිල්වා, ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ ශ්‍රී ලංකා ශාඛා කළමනාකරු ශාන්ත උදයකුමාර ජයලත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ග්‍රන්ථය පිළිගන්වන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here