ශ්‍රී ලංකා පිය-පුතු ඉතාලියේදී දියේ ගිලී මරුට

0
263

ශ්‍රී ලංකා පිය-පුතු ඉතාලියේදී දියේ ගිලී මරුට
සුජීව තත්සර
DIVAINA LK NEWS
July 11, 2023



ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගංගාවක නෑමට ගිය ශ්‍රී ලාංකික පිය-පුතු දෙපළක් පසුගියදා දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙලෙස දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති විසිපස් හැවිරිදි පුත්‍රයා බේරා ගැනීම සඳහා ඔහුගේ හැට හැවිරිදි පියා ද ජලයට පැන ඇති අතර ඔහු ද දියේ ගිලී යෑමෙන් මෙම අවාසනාවන්ත මරණ සිදුව ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දුලාන් නම් තරුණයකු සහ ඔහුගේ පියාය.

ඉතාලියේ රැකියාවන් හි නිරතව සිටින මියගිය පිය-පුතු දෙපළ, පසුගිය සිකුරාදා ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් ඇති අතර මියගිය පුතා සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිට ඇති අතර පියා දියට පැන පුත්‍රයා බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.

පසුව ඔවුන් සමග ගිය පිරිස වහාම හදිසි ඇමැතුම් අංශ වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇති අතර යුද හමුදා කිමිදුම්කරුවන් පැමිණ පැයක පමණ මෙහෙයුමකින් පසු මියගිය පිය-පුතු දෙපළගේ සිරුරු සොයා ගැනීමට සමත්ව තිබිණ.

මිලානෝ හි පිහිටි රෝහලක මෘත ශරීරාගාරයේ පිය-පුතු දෙපළගේ සිරුරු තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (9 දා) සිදුකිරීමට නියමිතව තිබිණි.

සිද්ධියෙන් මියගිය තරුණයා ඉතාලි ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකයකු ද වන අතර හදිසි මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව මියගිය පිය-පුතු දෙපළගේ දේහයන් මෙරටට ගෙන ඒමට නියමිතය.
සුජීව තත්සර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here