‘අරගලයට’ අදට වසරයි

0
293

‘අරගලයට’ අදට වසරයි
By Saman Nammunige –
MAWBIMA K=LK NEWS
ජූලි 9, 2023


ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු යැයි පවසමින් ඇරඹූ අරගලයට අදට වසරක් පිරේ.

“මුළු රට ම කොළඹට” නමින් සංවිධානය වූ මේ විරෝධතා ව්‍යාපාරයට දස දෙසින් සෙනඟ කොළඹට පැමිණියේ 2022 ජූලි 9 වන දා උදෑසන සිට ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් සංවිධානය වූ මෙම විරෝධතාව ආරම්භ වූයේ, කොටුව දුම්රිය ස්ථානය අසලිනි.

2022 අප්‍රේල් මස 9 වන දා “ගෝඨා ගෝ හෝම්” නමින් කොළඹ ගාලු මුව‍ෙදාර ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතාව වෙනස් ම දිශාවකට හැරුණේ මැයි 9 වන දින එම භූමියේ සිටි විරෝධතාකරුවන්ට එල්ල වූ සාහසික ප්‍රහාරයත් සමග ය.

එයින් පසුව ඉන්ධන හා ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් පීඩා විඳි ජනතාව වීදි බසිමින් විරෝධතාවලට රුකුල් දුන්හ.

ඒ අනුව ජුනි 9 වන දා බැසිල් රාජපක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමින් ඉල්ලා අස්විය.

එයින් මසකට පසුව එනම් ජූලි මස 9 වන දා කොළඹට පැමිණි විරෝධතාකරුවෝ ජනපති මැදුර වටලා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කළහ.

ඒ අනුව, ජූලි මස 13 වන දා ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

මෙය ලංකා ඉතිහාසයේ කෙදිනකවත් සිදුනොවූ දේශපාලන බල පෙරළියක් ලෙස සඳහන් කළ හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here