අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

0
434

අවසන් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට
ARUNA LK NEWS
09/07/23 – 8 hours ago



එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.

සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.

ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබාගත්හ.

නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගියේය.

පන්දුයැවීමේ දී ලොගාන් වෑන් බීක්, රයන් ක්ලෙයින්, වික්‍රම්ජිත් සිං සහ සඛිබ් සුල්ෆිකර් කඩුලු දෙක බැගින් බිඳහෙළුහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා Lincoln එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here