
සංගීත ලෝකයට රොබෝ ආක්‍රමණයක්
ARUNA LK NEWS
04/07/23 – 8 hours ago
ලෝකයේම අවධානය යොමුවූ සුවිශේෂී සංගීත ප්‍රසංගයක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙලෙස අවධානය යොමුව ඇත්තේ කොරියාවේ නිෂ්පාදනයක් වන EveR 6 නම් රොබෝව වෙතයි.
EveR 6 නම් රොබෝ යන්ත්‍රය විසින් පසුගියදා කොරියාවේ ජාතික වාදය වෘන්දය මෙහෙයවමින් ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගය වෙත මෙලෙස ලෝකයේම අවධානය යොමුව ඇත.
කොරියාවේ ජාතික රඟහලේදී සිය මංගල දර්ශනය ඉදිරිපත් කළ EveR 6 සාර්ථක ලෙස එහි මෙහෙයවීම සිදුකිරීම විශේෂත්වයකි.
මිනිසෙකුගේ රුවට සමානව නිර්මාණය කර ඇති මෙම EveR 6 රොබෝ යන්ත්‍රයට පාද නොමැති අතර එය රෝදවලින් ගමන්කරයි.
EveR 6 රොබෝ යන්ත්‍රය නිර්මාණය සිදුකරන්නේ කොරියානු ජාතික තාක්ෂණ ආයතනය විසිනි.
වාදය වෘන්දය මනාව මෙහෙයවමින් EveR 6 රොබෝ යන්ත්‍රය ඉදිරිපත් කළ ප්‍රසංගය අති සාර්ථක බව විදෙස් මාධ්‍ය එම නිර්මාණකරුවන් උපුටා දක්වමින් සඳහන් කර තිබේ.
එම අවස්ථාවේ දර්ශන පහතින්.