කොළඹ ගොඩනැගිලිවලට අනතුරු ඇඟවීමක්

0
515

කොළඹ ගොඩනැගිලිවලට අනතුරු ඇඟවීමක්
ARUNA LK NEWS
03/07/23 – 2 minutes ago


ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න පවසයි

පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

“ඊයේ පෙරේදා ගිනිකොණදිග මුහුදු කලාපයේ සිදුවුණු කම්පනය ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනිලා තිබුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයට. බස්නාහිර පළාතට මේ කම්පනය දැනිලා තිබුණා.

ඒ කියන්නේ බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට අනිවාර්යයෙන් කිසියම් බලපෑමක් ඇතිකරන්න පුළුවන් මේ ගිනිකොණදිග කලාපයේ සිදුවන කම්පනවලින්. ලංකාවේ සවුත් ඊස්ට් කලාපයේ සිදුවන කම්පන දැනෙන නිසා ඒ කලාපවල තියෙන උස් ගොඩනැගිලිවලට හානිදායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්.


ඒ නිසා අපි අත්‍යාවශ්‍යයෙන්ම කරන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන නව සහ පරණ ගොඩනැගිලි, විශේෂයෙන්ම උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කළ යුතුයි. මේ වර්ගීකරණයේදී හඳුනාගන්න පුළුවන් පොළොවේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන විදියට මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා ද? ඒ වගේම භූමි කම්පනවලට ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙනවාද ? ඒ ගොඩනැගිලිවල පාදම ඒ නිසි ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවාද කියන එක.

අධ්‍යයනය කරලා ඒ අනතුරුදායක ගොඩනැගිලි හඳුනාගත්තාම අපිට සමහර වෙලාවට කිසියම් ක්‍රමවේද තියෙනවා මේවා නිවැරදි කරන්න. ඒ නිවැරදි කරන්න පුළුවන් ගොඩනැගිලි නිවැරදි කරලා. නිවැරදි කරන්න බැරි ගොඩනැගිලි බ්ලැක් ලිස්ට් කරලා, එහෙම නැත්නම් ඒ ගොඩනැගිලි සේවයට ගැනීමෙන් අයින් කරලා හරි අපිට අනතුරුදායක තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ තත්ත්වයට ලංකාවේ අවධානය යොමුවිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here