කතරගම අවසන් රන්දෝලි පෙරහර අද
MAWBIMA LK NEWS
By Mawbima -ජූලි 3, 2023
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද (ජූලි 3) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි බස්නායක නිලමේ කාර්යාලය කියයි.
මෙදින පෙරහර රාත්‍රි 8.00ට පමණ මෙතෙක් පැවැති ගමන් මඟ වෙනස් කරමින් දේවාලයේ දෙවැනි වාහල්කඩ ෙදාරටුවෙන් කිරිවෙහෙර බලා පිටත් වේ.
හෙට (ජූලි 4) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමෙන් පසු පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වේ.
කතරගම – ආරියපාල රත්නායක, තිස්සමහාරාම – අසිත වීරසිංහ, කතරගම – සන්දිම දේවප්‍රිය