ණය යෝජනාවේ අවුලකින් මැතිසබය රත්වෙයි.

0
259

ණය යෝජනාවේ අවුලකින් මැතිසබය රත්වෙයි.
LANKADEEPA LK NEWS
කතෘ මණ්ඩලය 2023 ජුලි මස 01
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හඬ නැගීම නිසා මැතිසබයේ නොසන්සුන් තත්ත්වයක් අද (1) පෙරවරුවේ ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත්තේ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව නොවන බවයි.

එම නිසා යෝජනාව සම්බන්ධයෙන්ඉදිරිපත් කෙරුණු සංශෝධන මුලින්ම ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.

මේ අනුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යෝජනාවට සංශෝධනය ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here