නෙත්මි අහිංසා පෝරුතොටගේ…අවුරුදු දහඅටක පොඩි කෙල්ලෙක්…කුරුණෑගල ගමක එච්චර ප්‍රසිද්ධ නැති ඉස්කෝලෙක පුංචි කෙල්ලෙක්…මේ දුප්පත් බංකොලොත් ලංකාවනෙ,අහිංසලටත් කන්න බොන්න හරියට තියෙනවද දන්නෙ නෑ…අහිංසගෙ තාත්තත් පෙට්‍රල් පෝලිමේ ඉන්නවද දන්නෙ නෑ…අහිංසගෙ ගෙදර ගෑස් තියෙනවද දන්නෙ නෑ…හැබැයි, මහ දියුණු සංවර්ධිත විසාල ඔස්ට්‍රේලියාවේ, අවුරුදු තිහක පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව,2019 රිදී පදක්කම ගත්තු ක්‍රීඩිකාව,10 -0 කට පරද්දල,තාක්ෂණික සුපිරි බව මත අහිංසා දිනනව…අහිංසා දුවේ, උඹේ කණ්ඩායමේම සමහරු එංගලන්තයේදි පනිනව…උන්ට වැරැද්දක් කියන්න බෑ…මේ ගොඩයාමක් නැති රටේ ඉඳල මොනව කරන්නද ? මේ අනාගතයක් නැති රටේ ඉඳල වැඩක් තියේද?පුලුවන් වෙලාවෙ පැනගනිං…උඹටත් කවුරු හරි නොකීව වෙන්නත් බෑ…ඒ වුනත් මේ පුංචි කෙල්ල…ඔලුව පහත් කරගෙන හිත හයිය කරගෙනහැම දේම ඉවසගෙන හැම දේම දරාගෙනමහා ලොකු රටක පළපුරුදු ක්‍රීඩිකාවක් උස්සල පොළොවෙ ගහනව….අපේ රටේ කොඩිය ඉහළට එසවෙනව…හතර වෙනි වතාවටත්….මේ පුංචි රටෙන්හැමදේම කරගෙනහැමදේම නොමිලෙම ලබාගෙන දියව් දියව් කියනව හැරෙන්න වෙන දෙයක් නොකියන වෙන දෙයක් නොකරන අපේම උං කොච්චර ලොක්කො වුනත්උං ඉස්සරහ නැවෙන් නැති මගෙ ඔලුවඋඹ ලඟ නැවෙනව පුතේ…ඒ උඹට ආදරේට…උඹ ගැන ගෞරවේට…ඉස්සරහටම යන්න…ඔලුව කෙලින් තියාගන්න…දූට වරදින්නෙ නෑ…කවද හරි අපට රන් පදක්කමකුත් ගේන්න !
Image Credits – News24