අධික උණුසුමෙන් සතියක් තුළ ඉන්දියාවේ 96ක් මරුට

0
403

අධික උණුසුමෙන් සතියක් තුළ ඉන්දියාවේ 96ක් මරුට
DIVAINA LK NEWS
චතුර පමුණුව
June 20, 2023


සතියක් තුළ අධික උණුසුම හේතුවෙන් ඉන්දියානුවන් 96 දෙනකු මරණයට පත්ව තිබේ.

උත්තර් ප්‍රදේශ්, බිහාර් වැනි උතුරු ප්‍රාන්තවල සෙල්සියස් අංශක 40 ට වැඩි උෂ්ණත්වයක් සමඟ මෙලෙස ජනතාව මරණයට පත්ව ඇත.

ඉන්දියාවේ කාලගුණ මධ්‍යස්ථානවලින් වසර 30ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ලැබුණු වාර්තා අනුව පෙන්වා දෙන්නේ ‘ඉන්දියාව උණුසුම් වී ඇත’ යන්නය. මේ හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් පළාත් මිනිස් වාසයට නුසුදුසු වී ඇත.

එරට බිලියන 1.4 ක ජනතාවගෙන් මිලියන ගණනකට මේ වන විටත් ජලය හිඟ වී ඇත.
චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here