
චමින්ද සිල්වා
DIVAINA LK NEWS
June 18, 2023
ලන්දේසි පාලන සමයේදී (1656-1796) ලංකාවේ සිට ඕලන්දයට (නෙදර්ලන්තයට) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ හයක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟවී තිබේ.
පාරම්පරික සිංහල කැටයම් සහිත කාලතුවක්කුවක්, ලෙව්කේ දිසාවට අයත් දියමන්ති එබ්බවූ කඩු කස්තාන ඇතුළු අවි ආයුධ මේ පුරාවස්තු අතරට අයත් වේ.
ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නෙදර්ලන්ත රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පෞරාණික භාණ්ඩ නැවත ලංකාවට ලබාදීමට නියමිතය.
මෙම පෞරාණික භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන ආපසු කොළඹ ජාතික කෞතුකාගාරයේ විශේෂ කුටියක තැන්පත් කරන අතර නෙදර්ලන්ත රජයේ අධීක්‍ෂණය යටතේ එම කුටිය මේ වන විට ඉදිකරමින් පවතී.
මෙම විශේෂිත කුටි සැප්තැම්බර් මාසය වන විට අවසන් කරන අතර ඔක්තෝබර් මාසයේ මුල් සතියේදී එම පුරාවස්තු මෙරටට රැගෙන ඒමට නියමිතය.
රිදී, රත්‍රන් සහ මැණික් ඔබ්බවා ඇති ලෝකඩ කාලතුවක්කුව, ලී තුවක්කු කරත්තය, ඝන රන් මිටියක් සහිත දියමන්ති 136 ක් එබ්බවූ රන් කොපුවක් සහිත කස්තානය, සියුම් කැටයම් ලී මිට සහිත තුවක්කු දෙකක්, යකඩ කඩුවක් සහ කොපුවක්, රන් ආලේපිත කුඩා තුවක්කු බටයක් සහ ලෝකඩ තුවක්කුවක් එම පෞරාණික භාණ්ඩ අතර වේ.
චමින්ද සිල්වා