
Aruna LK News
18/06/23
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද (18) සිට ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ.
‘ඒ’ ඛාණ්ඩය යටතේ පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර අද දහවල් 12.30ට ආරම්භවීමට නියමිතයි.
එම ඛාණ්ඩයේම ඇමෙරිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ද අද දහවල් 12.30ට ආරම්භ වනු ඇත.
එම තරග දෙකම පැවැත්වෙන්නේ හරාරේ හිදි යි.