
ARUNA LK NEWS
17/06/23 -10 hours ago
ඉදිරි වසර පහ ඇතුලත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.
විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය.
ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි.
මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය