ජගත් පරිසර දිනය අදයි

0
415

Aruna LK News

05/06/23

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

පාරිසරික ගැටලු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අදිටනින් 1972 වර්ෂයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනූව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජූනි 05 ජගත් පරිසර දිනය වශයෙන් නම්කර ඇත.

එහිදී පරිසර සංරක්ෂණය පිළිබදව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමට හා පාරිසරික ගැටලු පිළිබදව පතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණෙන්, එක් එක් වර්ෂයන්හිදී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබයි. ඒ අනුව “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here