
Lanka News UK
03/06/23
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වෙන මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව කියවේ.
මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
තරග 3කින් සමන්විත මේ ක්‍රීඩාවලියේ 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වේ.
තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා පිල හෙට තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.
හෙට තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම හෙට තරගයේදී ඉන්දියාවේ අයි පි.එල් අවසන් තරඟයේදී පන්දු යැවීමෙන් දස්කම් පෑ මහීෂ් තීක්ෂණටද අවස්ථාවක් හිමිවනු ඇතැයි සඳහන් වේ.
ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත