
ක්රිස්ටෝපර් පෝල් නොමියන ගී රස | Best Of Christoper Paul | Torana Jukebox – YouTube
පසුගිය කාල වකවානුව තුළ 60-70-80 දසකයන්හි අප රසික රසිකාවන් අමානන්නදන්යට පත්කළ ගායක ගායක ගායිකාවන් රැසක්ම අපෙන් සමු ගෙන තිබුනා. මෙවර අද අපට අසන්නට ලැබුණු සංවේග ජනක පුවතක් වුයේ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් ගේ සමුගැනිමයි.ඔහු මියයන විට 87 වෙනි වියෙහි පසුවිය.
ඔහු දශක පහකට වැඩි කාලයක් පුරා අපේ රසික කැළ පිනවූ ජනප්රිය ගායකයෙකු ද වෙයි.. ඔහුගේ ගීවල විශේෂත්වය වුයේ බටහිර ගී සිංහල උරුවට ගායනාකිරීමයි.හින්දි අනුකාරක ගී වැසි වස තිබු කළෙක ඉන් බැහැර ව වෙනත් ගමන් මගකට ඔහු අප කැඳවා ගෙන ගියේය.මෙය අපේ රටේ මෙතෙක් නොතිබූ ආරක ගී සම්ප්රධායක ඇරඹුමක් ගෙනා ගායකයෙකු විය. මේ ගීත බොහෝ විට එළිමහන් සහ ගෘහස්ථ ප්රසංගවල ගායනා කරනු දැකීමට දහස් ගණන් රසික පිරිස් රැස්විය.
ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එමානුවෙල් පෝල් 1936 අප්රේල් 10 වැනි දින මොරටුව මොරටුමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළෙකු සහ රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලයේ සේවකයකු වූ එස්.ඒ.පෝල්ගේ වැඩිමහල් පුත්රයා ලෙස උපත ලැබීය. ඔහු සිය ප්රාථමික හා ද්විතීයික අධ්යාපනය ලබා ඇත්තේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්යාලයෙනි පොල් ගේ ගී තැටි රැසක්ම 60 දශකයේදී කල එළි දක්වා තිබුණි.
ඔහු අවසන් වරට අප දුටුවේ. සිරස මාධ්ය ජාලය තුළින් හැඩවූ “සත්ගායනා ” වැඩසටහන තුලිනි. ඔහු ගේ ගී ගමන් මගේ බොහෝ දා ඔහුගේ රශිකයනට දැනගැනීමට එම වැඩසටහන් තුළින් දැක ගැනීමට හැකිවිය. ජිවිතයේ අවසන් සමයේ පසුව සිටි ඔහුගේ මෙනම් සෙසු ගායක ගායිකාවන්ගේ ගී රසක්මමේ වැඩසටහන් තුළින් යළි සිය මතකයට නවා ලීමට හැකිවුවාට සැකයක් නැති බව කිව යුතුය.එම වැඩසටහනට රෝගීව සිටියදී සහභාගිවූ ක්‍රිස්ටෝපර් එය තුළින් සතුටට පත්වන්නට ඇත.
ඔබ අපෙන් වියෝවුවද ඔබේ ගී අප රටේ රසිකයන් ලොව කොතැන සිටියද ඔවුන්ගේ සාදයන්හිදී ඒ ගීත ගයනු නියතය. මගේ හදබැඳි ගී රැසක්ද ඔහු ගැයූ ගීත අතර වේ.
ක්රිස්ටෝපර් දශක පහකට වැඩි කාලයක් පුරා ජනප්රිය ගායකයෙකු වූ අතර, බොහෝ විට එළිමහන් සහ ගෘහස්ථ ප්රසංගවල මෙන්ම විදේශ රැසක්ද ගායනා කර තිබුණි.
‘හා මල් පිපෙනේ, ‘ඇල දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නල’, ‘රෝස මලක් දුටුවම’, ‘රුවන් තොරන්’, ‘මැණිකා මැණිකා’, සහ ‘මුතු බෙලෝ’ වතුර නාලා, මුස්තාපා මම මුස්තාපා” ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.
1959 වසරේදී හා මල් පිපෙන්නේ ගග ගලන්නේ ‘ ගීතය ගායනා කිරීමෙන් හෙතම ගීත ලොවට පිවිසියේය.
දශක 7 කට ආසන්න කාලයක් ගීත ලොවේ සැරි සැරූ මෙම ගායකයා ගීත 500 කට අධික ගණනාවක් ගායනා කර තිබේ. ඔහු ගුවන් විදුලියේ ‘ඒ‘ ශ්‍රේණීයේ ගායකයෙකි.ඔහුගේ ජනප්රිය ගීත කිහිපයකි.
දශක පහකට අධික කාලයක් ගීයෙන් අප සැනසූ ක්‍රිස්ටෝපර් පෝල් ගායකයාණෙනි , ඔබට සුභ ගමන්.
ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.
(මෙහි පළවන සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවායේ සියලු හිමිකම් එහි මුල් නිර් මාණ කරුවන් සතුබව කරුණාවෙන් සලකන්න.)