0
365


Lankadeepa LK News
කතෘ මණ්ඩලය 2023 මැයි මස 18 බැලුවෝ – 2578
(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය.

දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සළකුණු දීලා මුදල් මාර්ගගත ක්‍රයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.

විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here