
මහා පරිමාණ භුකම්පනයක් එනතුරු අපි නිදිවරා සිටිමුද?
තවත් දකුණේ භූ කම්පනයක් ?
කතරගම -ලුණුගම් වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් පරිමාණ 2.5 පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇතැයි අද පුවත්පතේ පළවූ පුවතක සඳහන්වේ.දකුණු හා ආශ්‍රිත පෙදෙස් රැසකින්ම භූ කම්පන රැසක්ම පසුගිය කාල පරාසය තුළ සිදුවී තිබුණි.බොහෝ පුවත්පත් හා රුපවාහිණි වාර් තාවල මේ බව සඳහන් විතිබු අතර ඒ පිලිබඳ රජයේ විශේෂ අවධානය යොමුවිය යුතු කරණක් බව අප අවධානයෙන්ම සඳහන් කළ යුතුවේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර් යාංශයට අනුව කිරින්ද -බිබිල හා අනෙකුත් පෙදෙස්වල සිදුවූ භූ කම්පනයන් න් ඉතා සුළු පරිමාන ඒවාබව එම කාර්යාංශය සඳහන් කර තිබුණි. බොහෝ නිවෙස් වලට අලාභහානි සිදුවී ඇති බවද එම පුවත්පත්වල පළ වූ සේයාරූ ද අපට දැකගන්නට හැකිවී තිබුණි.
අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ මහා පරිමාන භූ කම්පනයක් එනතුරු නිදිවතින් නොසිට ඒ සඳහා ජනතාව දනුවත් කර නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙස බලධාරින් හා රජය බල කරන ලෙසය.
ලංකා නිවුස් යුකේ. ශාන්ත සේනාධීර
(Picture from Ada lk News )