Lankadeepa lk News
කතෘ මණ්ඩලය 2023 අප්‍රේල් මස 19 බැලුවෝ – 4617

(ඤාණදාස රන්මුතු සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරය)
හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි.
මෙම විදේශ සංචාරකයන් පිරිස අනතුරකට ලක්වී ඇති බව දුටු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා මුහුදට පැන මීටර් හාර සියයක් පමණ දුරක් පීනා ගොස් අනතුරට ලක්ව සිටි එංගලන්ත ජාතික විදේශීය සංචාරකයන්ගේ ජීවිත ජීවිත බේරා ගත් බව එම පොලිස් නිලධාරීන් අප සමග පැවසුවේය.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාලප්වරුන් වන සමන් ( 81212) හුලංගමුව ( 87306) යන පොලිස් නිලධාරීන් සහ ඒ.එන්.පී.ලංකා සහ ඩබ්ලිව්. එන්.එම්.ඒ.අයි.වන්නිනායක යන වෙරළ ආරක්ෂක නිලධාරීන් විසිනි.
( Lankadeepa lk News )