ලංකාවේ ජන සංනිවේදනය හඳුන්වා එය නවමානයකට ගෙනගිය මහාචාර්ය විමල් දිසානායක මහතාණෙනි ,ඔබට සුභ ගමන්

0
10

මහාචාර්ය විමල් දිසානායක ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රසිද්ධ විද්වතෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක් සහ සන්නිවේදනවේදියෙකි. ඔහු ආසියානු සිනමාව සහ සන්නිවේදන න්‍යාය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ප්‍රමුඛ පෙළේ පර්යේෂකයෙක් වූ අතර ඔහු ඇමරිකාවේ කලක් විසුවේය. ඔහු ඊයේ අප අතරින් ඇමෙරිකාවේදී වියෝවූ සංවේදනීය පුවත අද බොහෝ පුවත්පත් හා සමාජමධ්‍ය හරහා වාර්තාවී ඇත.ඔහු මියයනවිට 87 වන වියෙහි පසුවිය.

1939 සැප්තැම්බර් 6 වන දින කුරුණෑගල නිකවැව නම් ගම්මානයේ උපතලැබූ ඔහු එහි විසු ගුරු යුවළගේ පුතකු වූයේය. මුලික අධ්‍යාපනය සිය දෙමාපියන් සේවය කල පාසල් වලින් ලබාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උසස් පාසලකට ඇතුළත් විය.ඉන් අනතුරුව උසස් පල ඉහළින් සමත්වී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවී තිබුණි.ඔහු දිවයිනේ කීර්තිමත් නාට්‍යකරුවෙකු වන එදිරිවීර සරච්චන්ද්‍ර එකල ඔහු සමග එහි සිටි සමකාලීනය විය. දිසානායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ගත් අතර එහි සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

ඔහුට ෆුල්බ්‍රයිට් සහ රොක්ෆෙලර් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමෙන අනතුරුව පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් එම්.ඒ. උපාධියක් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙනතිබුනි.

මූලික උපාධිය සඳහා සිංහල, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂා හැදෑරු අතර ඔහු එකළ පටන් දිවයිනේ පුවත්පත් හා ගුවන් විදුලිය තුළින් සාහිත්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කර තිබු අයෙකු වුයේය.ඔහුගේ කෘතීන් සාහිත්‍ය හා කෘති දායකත්වයනවීන සිංහල කවි කලාවට සහ සාහිත්‍ය විචාරයට නව මානයක් එක් කළේය.’නගල කන්ද’ වැනි පද්‍ය නිර්මාණ මෙන්ම විචාර කෘති සහ කෙටිකතා රැසක් එළිදක්වා ඇත.බටහිර හා ආසියානු සාහිත්‍ය න්‍යායන් සංසන්දනය කරමින් කෘති සම්පාදනය කර ඇත.සේවය සහ සම්මානජනමාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජාතික හා ආසියානු මට්ටමේ ඉහළ සම්මානවලට පාත්‍ර වී ඇත.විශ්වවිද්‍යාල මට්ටමින් සහ ජාත්‍යන්තර ආයතන රැසක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.ඔහු එමෙන්ම ප්‍රවීණ දේශකයෙකු ලෙස ජතනත්ර ප්‍රජාවගේ සම්මානයට පාත්‍රවූ අයෙකු වුයේය.

විමල් දිසානායක ශ්‍රී ලාංකික නිර්මාණාත්මක ලේඛකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ආසියානු සිනමාව සහ ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ ප්‍රමුඛ විද්වතෙකු විය.ඔහු හවායි හි හොනොලුලු හි නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ සහකාර අධ්‍යක්ෂවරයෙකු විය. ඔහු නැගෙනහිර-බටහිර චිත්‍රපට සඟරාවේ ආරම්භක කර්තෘවරයා විය.

එතුමා රත්න විභූෂණ සම්මානයෙන්ද , දේශබන්දු සම්මානයෙන්ද ,කැළණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහචාර්ය පදවියෙන්ද ,ආසියාතික ජනමාධ්‍ය හා තොරතුරු ආයතනයෙන් ගෞඅරව සම්මානනද පුදනු ලැබ වියතෙකුද වේ.

පසුව ඔහු හොංකොං චීන විශ්ව විද්‍යාලයේ වෙයි ලුන් ආගන්තුක මහාචාර්යවරයෙකු බවට පත්විය සහ හොංකොං විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකු විය. ඔහු හවායි වෙත ආපසු ගොස් 2008 සිට 2011 දක්වා නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානය සහ හවායි විශ්ව විද්‍යාලය ඒකාබද්ධව අනුග්‍රහය දක්වන ලද ජාත්‍යන්තර සංස්කෘතික අධ්‍යයන උපාධි සහතික වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය.

දිසානායක මහතා ආසියානු සන්නිවේදන න්‍යාය ක්ෂේත්‍රයේ මුල් පුරෝගාමියෙකු ලෙස සැලකේ. ආසියානු කලාපයේ බටහිර සන්නිවේදන න්‍යායන් සහ පර්යේෂණ ක්‍රම තොග වශයෙන් භාවිතා කිරීම ඔහු විවේචනය කළේය.ඔහු ආසියානු සම්භාව්‍ය ඉගැන්වීම් අධ්‍යයනය කළේය, ආසියානු චාරිත්‍ර වාරිත්‍ර, විශ්වාසයන් සහ සම්මතයන් පරීක්ෂා කළේය, සහ ආසියානු සන්නිවේදන න්‍යායන් සංවර්ධනය කළේය. ඔහු සිංහල පාඨකයන්ට පශ්චාත් නූතනවාදය මුල් අවධියේදී හඳුන්වා දුන් ප්‍රගතිශීලී මහජන බුද්ධිමතෙකු ලෙස ද සැලකේ. ඔහු 1990 ගණන්වලදී සිංහල පුවත්පත්වල පශ්චාත් නූතන චින්තනය පිළිබඳ තීරු ලිපි පළ කිරීම ආරම්භ කළ වන විද්මතෙකුවිය.ඔහු මා සේවයකළ ලේක්හවුස් ආයතනයට බොහෝ අවස්ථාවල දී පැමීණි අයෙකු වුයේය.එවකට එම ආයතනයේ නවයුගය කතුවරයාව සිටි අපෙන් වියෝව ගිය එඩ්වින් ආරියදාසයන්සෝමවීර සේනානායක , දයාසේන ගුණසිංහ , මෙන්ම ,පර්සි ජයමාන්න , පී .බි, ඉලංගසිංහ, වැනි එහි සේවය කළ බොහෝ පිරිසක් ඔහු සමග සමීප සම්බන්දතාවයක් පවත්වාගෙන ගිය අයෙකුවුහ. තවද මේ අතර ඔහුගේ ගෝල බාල පිරිසද වුයේය,ඒ සුගත්වටගෙදර, ගාමිණි සුමනසේකර මින් සමහරෙකු විය.ඔහු කෙතරම් වැඩ බහුල අයෙකු වුවද එහි පැමිණ ඔහු අපකල කතා බවට සවන්දෙමින් තේ කෝප්පයක රස විදි සිටි අයුරු මට අදමෙන් සිහිවේ.මේ ඇසුරට අපෙන් වසර කිහිපයකට වියෝවූ මහචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතාද සහභාගිවූ සැටි සිහියට නැගේ .

මහාචාර්ය දිසානායකගේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ශාස්ත්‍රීය පොත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ඩියුක් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ඉන්ඩියානා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, මිනසෝටා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, රූට්ලෙජ් සහ පෙන්ගුයින් පොත් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.ඇත වොන්ග් කර්-වයිගේ ‘අෂස් ඔෆ් ටයිම්’ (2003), රාජ් කපූර්ගේ ‘ෆිල්ම්ස්: හාර්මනි ඔෆ් ඩිස්කෝර්සස්’ (1988), සිංහල නවකතාව සහ පොදු ගෝලය (2009), ‘ස්වයං සහ යටත් විජිත ආශාව: වී. එස්. නයිපෝල්ගේ සංචාරක ලිවීම්’ (1993) සහ ‘ෂෝලේ, අ සංස්කෘතික කියවීම’ (1992) ඔහුගේ වඩාත් කැපී පෙනෙන කෘති කිහිපයක් ලෙස සැලකේ.

ඔහු ගෙන් සිදු වූ තවත් වැදගත් මෙහෙයක් ලෙස අපේ සිනමා රසිකයන්ගේ ලෝක සිනමාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ කරුණ ලෙස හැඳින්විය හැක. මොහුගේ දේශන හා සාකච්ජා අප ගුවන් විදුලිය ,පසුව රුපවාහිනිආයතනවල සියදහස්වරක් ප්‍රචාරය වන්නට ඇත. එදා ඔහුගේ ලිපි පලනොවූ සිංහල ඉංග්‍රීසි පුවත්පතක් සොයාගැනීමට නැති තරම්ය.2000 දී දිසානායක ඈෂ්ලි රත්නවිභූෂණ සමඟ එක්ව ‘ශ්‍රී ලාංකික සිනමාව ප්‍රොෆයිල් කිරීම’ නමින් පොතක් රචනා කළේය. මෙම පොත ශ්‍රී ලාංකික සිනමාවේ වර්ධන ගමන් පථය කෙරෙහි අවධානය යොමු කළේය. 2004 දී දිසානායක, ඉන්දියානු ජනප්‍රිය සිනමාව: සංස්කෘතික වෙනසක් පිළිබඳ ආඛ්‍යානයක් කේ. මෝති ගෝල්සිං සමඟ ප්‍රකාශයට පත් කළේය. ඉන්දියානු සිනමාවේ දශක නවයක් පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය මත පදනම්ව, එය තමන්ගේම පහත් සහ ඉහළ මට්ටම් දැක තිබුණි. මෙම පොත මහාද්වීපයේ සහ ඩයස්පෝරාවේ ඉන්දියානුවන්ට ඉන්දියානු ජනප්‍රිය සිනමාවේ බලපෑම පරීක්ෂා කළ අතර ඉන්දියානු සිනමාව ඉන්දියානු ප්‍රේක්ෂකයින්ට වඩා ජාත්‍යන්තර අවධානය දිනා ගත් ආකාරය සාකච්ඡා කළේය. [ මෙම පොත ඉන්දියානු ජනප්‍රිය සිනමාව හැඩගැස්වූ ප්‍රධාන බලපෑම් හයක් ඉස්මතු කළේය.

දිසානායක 1986 සිට 1994 දක්වා නැගෙනහිර-බටහිර මධ්‍යස්ථානයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නැගෙනහිර-බටහිර චිත්‍රපට සඟරාවේ ප්‍රධාන කර්තෘවරයා විය. 1981 දී ආරම්භ වූ දා සිට ඔහු හවායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අතර, වසර 14 කට පසු 1995 දී දිගුකාලීන සම්බන්ධතාවය අවසන් විය. මෑතකදී, ඔහු ආසියානු රූපවාහිනී නාට්‍ය ගවේෂණය කළේ “ආසියානු සන්නිවේදන න්‍යාය ක්ෂේත්‍රයට ඇතුළුවීමේ මාර්ගයක්” ලෙසයි, විශේෂයෙන් සංසන්දනාත්මක සෞන්දර්ය විද්‍යාව සහ චිත්තවේගීය ගතිකත්වය අධ්‍යයනය කිරීම සඳහා.

ඔහු තරම් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද මහාචාර්යවරයෙකු ද මෑත අවදියෙහිදී විවනම් ඒ මහාචර්ය සුනිල් ආරියරත්න යයි මටසිතේ.

දිසානායක මහතාට 2012 රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ශ්‍රී ලංකා රජයෙන් සාහිත්‍ය රත්න සම්මානය හිමි විය. ඔහුට කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. 2019 ශ්‍රී ලංකා ජාතික ගෞරව සම්මාන අතරතුර ඔහුට කීර්තිමත් දේශබන්දු පදවිය පිරිනමන ලදී.

2021 දෙසැම්බර් 4 වන දින, ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය (AMIC) විසින් දිසානායකට කඩාකප්පල්කාරී විමර්ශනය සඳහා ආසියානු සන්නිවේදන සම්මානය පිරිනමන ලදී. සම්මානලාභීන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද 28 වන AMIC වාර්ෂික සමුළුවේ අථත්‍ය සංස්කරණයේදී ඔහු සම්මානය ලබා ගත්තේය.

මහාචාර්ය දිසානායක,ලිය ප්‍රකාශයට පත්කර ඇති සිංහල මෙන්ම ඉංග්‍රීසි පොත්පත් හා සමිෂණ වාර්තා රැසකි එම සියල්ල ලිවීමට නම් පොතක් හෝ පොත් කිහිපයක් පළකළ යුතු ය.(1988). සිනමාව සහ සංස්කෘතික අනන්‍යතාවය: ජපානය, ඉන්දියාව සහ චීනයෙන් චිත්‍රපට පිළිබඳ පරාවර්තන. . (1993). මෙලෝඩ්‍රාමා සහ ආසියානු සිනමාව. . (1994). ආසියානු සිනමාවේ යටත් විජිතවාදය සහ ජාතිකවාදය. (1996). නියෝජිතායතනයේ ආඛ්‍යාන: චීනය, ඉන්දියාව සහ ජපානය තුළ ස්වයං-නිර්මාණය. (2022). සන්නිවේදන න්‍යාය: ආසියානු දෘෂ්ටිකෝණය (2 වන සංස්කරණය). ජාතික හා ජාත්‍යන්තර ගැටුමක ප්‍රවෘත්ති මාධ්‍ය.. ,ස්වයං සහ රැවටීම: හරස් සංස්කෘතික දාර්ශනික විමර්ශනයක්,(1983). සන්නිවේදන පර්යේෂණ සහ සංස්කෘතික වටිනාකම්. (1994). ආසියානු න්‍යාය සහ භාවිතයේ පුද්ගලයෙකු ලෙස ස්වයං,. ඉන්දියානු සිනමාවේ රූට්ලෙජ් අත්පොත.,. ඉන්දියානු සිනමාවේ රූට්ලෙජ් අත්පොත, (1996). ගෝලීය/දේශීය: සංස්කෘතික නිෂ්පාදනය සහ අන්තර්ජාතික පරිකල්පනය, “ආසියානු සන්නිවේදන න්‍යාය දෙසට: බුද්ධිමය ගමනක්”, “ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සන්නිවේදනය: බෞද්ධ ප්‍රවේශයක්”රාජ් කපූර්ගේ චිත්‍රපට.ඔහු ගේ ආසියාවේ මෙනම් ලෝක සිනමාව පිළිබඳ හසළ දැනුමක් තිබු ජාත්‍යන්තර ප්‍රජාව ඉහලින් පිළිගත් විචාරයකයෙක් හා දේශකයෙකු විය.ඔහුගේ පොත් පිලිබඳ විශාල විස්තර අන්තර් ජාලයේ පලව ඇත.

අප කුඩා දිවයිනෙහි දිනෙන්දින යටපත්ව යන අපේ සාහිත්‍ය ,සිනමාව ,බස පිළිබඳ පොතපත දැනුම අප රසික ජනතාවට ලබාදී ඔවුන්ගේ දෑස් ඒ වෙත යොමුකර දැනුම බුද්ධිය වැඩිකරලන්නට ඔබ විසින් කළ මෙහෙය අපි සදා සැමරිය යුතුය. ඒ පිළිබඳ ඔබෙන් ඉටුවූ දායකත්වය පිළිබඳ මෙවැනි කෙටි ලිපියකින් ලිවිම අපහසුය.

ඔබ කළ මෙහෙය සදාඅනුමරණිය එකකි.එය මෙහි ඔබඅගයන පිරිස සදා සිහිපත් කරනු නොඅනුමානය.

මහාචාර්‍ය විමල්දිසානයක මහතාණෙනි . සුභ ගමන් .

නීතිඥ ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here