ශ්‍රී ලංකාව සංචාරක අයර්ලන්ත කණ්ඩායම එරෙහිව ඉනිමක සහ වාර්තාගත ජයක් 18/04/23

0
342


සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමක සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් විය.මෙම තරඟය අයර්ලන්තය සමග පැවති පළමු වරට පැවැත්වූ ටෙස්ට් තරඟ වන අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරඟය කලෙකට පසුව පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරඟයක් වු අතර පන්දුවට පහර දීම අතින්ද විශිෂ්ඨ වාර්තවක් පිහිටුවීමට හැකිවූ තරඟයක් ලෙස හැඳින්විය හැක.

ඒ අනුව පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට ගාල්ල ජාත්‍යන්තර පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 591ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් ව තිබුණි.මේ සඳහා ඔහු මෙහිදී හතරේ පහරවල් 15ක් ද ලබාගෙන තිබු බව සඳහන්වේ.

කුසල් මෙන්ඩිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 140 වේ.. මේ සඳහා හයේ පහරක් සහ හතරේ පහර 18ක් ද මේ ලකුණු ඇතුළත් වේ.
සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සධීර සමරවික්‍රම නොදැවී පන්දු 114කදී ලකුණු 104ක් රැස්කර ගෙන තිබුණි.මේ සඳහා හතරේ පහර 11ක් ද ලබා ගත අතර දිනේශ් චන්දිමාල් පන්දු 155කදී නොදැවී ලකුණු 102ක් රැස්කර ගැනීමට සමත් විය.

අයර්ලන්ත පිල පන්දු පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි පන්දුවාර 52යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණී.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 7ක් දවා ගැනීමට සමත් විය.
විශ්ව ප්‍රනාන්දු දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 448ක් පිටුපසින් සිටි අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය. දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී අයර්ලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 168ක් පමණී.අයර්ලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 42ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ප්‍රභාත් ජයසූරිය දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි.විශ්ව ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

මෙම තරගයේ ඉනිම දෙකේදී කඩුළු 10ක් දවාගත් ප්‍රභාත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

මේ අනුව අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේදී තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටි.

(සේයාරුව අන්තර්ජාලයෙන් ලබත් අතර එහි හිමිකම් මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here