සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16දා ) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 16/04/23

0
391
May be an image of 2 people


තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සමන්විත වේ.


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 14හා 15 වැනිදා ගාල්ලේ පැවැත්වූ පුහුණු සැසිය වෙනුවෙන් එක්වී සිටි අතර මෙම තරඟය අයර්ලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වේ.


මේ අතර හෙට තරගය නැරඹිම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය සඳහන් කර තිබුණි.


මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න සඳහන් කර තිබුණේ
“ගාල්ලේ ආපුවාම අපිටහරිම පුරුදු තැනක්.. කාලගුණය නම් ගැන අපිට කියන්න බැහැ. අපිට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි අපි හිතන්නේ.”


“ගොඩක් වෙලාවට අපි ගාල්ලේ සෙල්ලම් කරනකොට දඟපන්දු යවන්න දෙන්නෙක් ඉන්නවා. අතිරේක දඟපන්දු යවන්නාත් එක්ක දඟපන්දු යවන්නන් තුන්දෙයි. අපි බලාපොරොත්තු වෙනවා තව වේගපන්දු යවන්නන් දෙන්නෙක්ගෙන් ක්‍රීඩා කරන්න.”


“මොකද උණුසුමත් ගොඩක් වැඩියි. එක පන්දුයවන්නෙක් අබාධයකට ලක්වුණොත් හරි වේගපන්දු යවන්නෙක් නැති වෙන හින්දා.යයි “ඔහු පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here