
චිරාත්ගත සම්ප්රධායන් අනුව පවත්වනු ලබන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි.
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්රමණය වීමත් සමග සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(14) උදාවෙයි.
පුණ්ය කාලය පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්ය කාලය බැවින් අප්රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම අපේ රටේ සම්ප්රධායවේ.
ආහාර පිසීම නැකත යෙදී ඇත්තේ අපරාභාග 3.29ට ය. විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්ර කිරිබතක්ද තල සහ විලද මිශ්ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම වඩා උචිත බව ජෝතිෂවේදීන් සඳහන් කරයි.
ආහාර අනුභවය අපරභාග 5.05ට දී තිබේ. විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට සිදුකළ යුතු යයි සඳහන්වේ. හිසතෙල් ගෑමේ චාරිත්රය අප්රේල් මස 16 වැනිදාට යෙදී තිබේ.
16දා පූර්වභාග 9.41ට යෙදෙන නැකතින් දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා රතු සහ කහ මිශ්ර වර්ණ (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී ඉඹුල් පත් යුෂ මිශ්ර නානු හා තෙල් ගා ස්නානය කළ යුතුය සඳහන්වේ.
රැකියා සඳහා පිටත්ව යාම අප්රේල් මස 17 වැනි සඳුදා පූර්වභාග 06.28ට දී ඇත. සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දීකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම වඩා සුදුසු බව කියවේ.
පැළ සිටුවීම අප්රේල් මස 20 වැනි බ්රහස්පතින්දා පූර්වභාග 6.38ට ය. රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සිදු කල යුතු යයි නැකැත් කරුවන් විසින් සඳහන් කොට ඇත.